30 C
Galle

මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්

Published:

මීගමුව, දළුපොත, පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ අද (07) දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

පසුගිය මාසයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව එහි සිටි රැඳවියන් පිරිසක් පල්ලන්සේන එළිමහන් සිරකඳවුර වෙත මාරු කිරීමට පියවර ගෙන තිබූ අතර, ඉන් පසුව මෙම විරෝධතාව මතුව ඇත.

අද දිනයේදී බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මතට නැග විරෝධතාවයේ නිරත වීමට පටන් ගෙන ඇති අතර, ඔවුන් විසින් එහි සිටි නිලධාරීන් වෙතට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ.

මතුවූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

තත්ත්වය තවදුරටත් උග්‍ර වීම වැළැක්වීම සඳහා පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරය අවට ආරක්ෂාව දැඩි ලෙස තර කර තිබේ. ඒ සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF), කැරලි මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද කැඳවා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!