අද (07) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කාර්ගිල් බැංකුවේ කොටස් මිලියන 67ක් ගනුදෙනු වූ අතර අද දිනය තුළ රුපියල් මිලියන 476ක් වාර්තා කරමින් කොළඹ කොටස් වෙළඳපොළ සමාගම් අතර අද දිනයේ වැඩිම පිරිවැටුම වාර්ථා කළ සමාගම් අතර කාර්ගිල්ස් බැංකුව ප්‍රථම ස්ථානයට පත්විය.
අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 16,329ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1891ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 100ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,370ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- කාර්ගිල්ස් බැංකුව මිලියන 476
- කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම මිලියන 176
- සියරා කේබල්ස් සමාගම මිලියන 116
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- කාර්ගිල්ස් බැංකුව කොටස් මිලියන 67
- එස් එම් බී ලිසින් සමාගම කොටස් මිලියන 09
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 06
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ආගරපතන වැවිලි සමාගම 12%
- සතොස මෝටර්ස් සමාගම 10%
- ලංකා වෝල් ටයිල්ස් 08%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 407
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 356
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 337
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 24 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 40ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 16ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- සතොස මෝටර්ස් සමාගම රුපියල් මිලියන 08
- සම්පත් බැංකුව රුපියල් මිලියන 02
- සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඒ සී එල් කේබල්ස් සමාගම රුපියල් මිලියන 23
- එච්සෙනිඩ් රුපියල් මිලියන 06
- මෙල්ස්ටා ක්‍රොප් සමාගම රුපියල් මිලියන 01
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



