27.5 C
Galle

සඳේ පස් ගත් චීන යානය යළි පැමිණීම අරඹයි

Published:

සඳ මත ගොඩබැස එහි පස් නියැදි ලබාගත් චීණ අභ්‍යාවකාශ යානය ඊයේ (03) සඳ පෘෂ්ඨයෙන් ඉහළට පැමිණි බව චීනයේ ජාතික අභ්‍යාවකාශ පරිපාලන මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව වෙනත් ග්‍රහලෝකයක සිට පිටත්වූ පළමු චීන අභ්‍යාවකාශ යානය ලෙස චැන්ජි – 05 යානය ඉතිහාස ගත වෙයි.

මෙම මෙහෙයුම නොවැම්බර් 24 වැනි දින ආරම්භ කරන ලද අතර එය පසුගිය 01 දා සඳ පෘෂ්ඨය මතට ගොඩබැස්සේය. චන්ද්‍රයාගේ පස් සාම්පල එකතුකරගැනීමෙන් අනතුරුව ඒවා මුද්‍රා තබා මෙම යානය යළි ඉහළට පැමිණීම සුවිසල් ජයග්‍රහණයක් බව චීනය ප්‍රකාශ කරයි.

Related articles

spot_img
error: Content is protected !!