27.5 C
Galle

ලන්ඩන් නගරයත් අවදානම් තත්ත්වයක

Published:

ලන්ඩන් නගරයේ දෛනිකව වාර්තාවන කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන බැවින් එය පාලන කිරීමට රජය මැදිහත්විය යුතු යැයි නගරාධිපති සදීක් ඛාන් පවසයි.

ඔහු බ්‍රිතාන්‍ය අගමැතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ වයිරස ආසාදිතයන් වැඩිවීම සැළකිල්ලට ගනිමින් දෛනිකව සිදුකරන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය වැඩිකරන ලෙසයි.

ඉදිරියේදී ලන්ඩන් නගරයට සීමා පනවන්නේ නම් එයින් බලපෑමට ලක්වන ව්‍යාපාර සඳහා සහන සැලසීම සහන වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන්නැයි නගරාධිපතිවරයා සිය මගින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

දැනට පනවා ති‌බෙන දෙවැනි මට්ටමේ සීමා තෙවැනි මට්ටම දක්වා ඉහළ නැංවීමට සිදුවුවහොත් එයින් ව්‍යවසනකාරී ආර්ථික බලපෑමක් සිදුවනු ඇතැයි ද සිය දහස් ගණනකට ඔවුන්ගේ ජීවනෝපාය අහිමි වනු ඇතැයි ද ලන්ඩන් නගරාධිපතිවරයා සිය ලිපියෙන් අනතුරු අඟවා ඇත.

එංගලන්තයට පනවා ඇති සියලූම සීමා සම්බන්ධයෙන් දෙසැම්බර් 16 වැනිදා නැවත විමසීමක්  කිරීමට ද ආණ්ඩුව සූදානමින් සිටියි.

Related articles

spot_img
error: Content is protected !!