28.3 C
Galle

ඇමෙරිකාවේ ස්වදේශ ලේකම් ධූරයට ආදි වාසී කාන්තාවක්

Published:

ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත ජෝ බයිඩන් විසින් ඇමෙරිකාවේ ආදිවාසී කාන්තාවක ලෙස පිළිගනු ලබන ඩෙබ් හාලන්ඩ් එරට ස්වදේශ කටයුතු ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොංග්‍රස් මණ්ඩල සාමාජිකාවක් වන ඇය මේ වනවිට 60 හැවිරිදි වියේ පසුවන්නීය. ඇමෙරිකාවේ ලෙගුනා ප්යුබ්ලෝ ගෝත්‍රික කාන්තාවක් වන හාලන්ඩ් මෙම තනතුරට පත්වුවහොත් එරට කැබිනට් මණ්ඩලයට පත්වූ ප්‍රථම ස්වදේශික ආදිවාසී කාන්තාව ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

එසේම කැබිනට් ලේකම් තනතුරකට පත්කළ පළමු ආදිවාසී ස්වදේශික ඇමරිකානුවා ද ඇය වනු ඇත.

ඇය 2018 වසරේදී අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයට තේරී පත්වූ ආදිවාසී කාන්තාවන් දෙදෙනාගෙන් කෙනෙකි.

Related articles

spot_img
error: Content is protected !!