27.9 C
Galle

“පාසලේ ඩෙංගු නම්, අපි පළි නෑ” – විදුහල්පතිවරු

Published:

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පාසල්තුළ ඇත්නම් එම විදුහල්පතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියත්මක කළ හැකියැයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත්කළ චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකරයි.

ඔවුන් පවසන්නේ රාජ්‍ය නිලධාරීන් බිලිදීමේ මෙම ක්‍රියාවලියට එරෙහිව විදුහල්පතිවරු ලබන 15 වැනි දා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවයි.

මදුරුවන්ගෙන් බෝවන ඩෙංගු සහ චිකුන්ගුන්‍යා මේ වනවිට රටපුරා සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින අතර 2025 අද දිනය වනවිටට ඩෙංගු රෝගීන් 25,050ක් වාර්තා වී ඇති අතර 13 දෙනකු මියගොස් ඇත.

වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලිනි. රත්නපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්කද ඩෙංගු  ව්‍යාප්තියේ වැඩි අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබේ.

Related articles

spot_img
error: Content is protected !!