කොටස් වෙළෙඳ පොළ අද (23) ගනුදෙනු 25,871ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,828ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 73ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,566ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එලිෆන්ට් හවුස් සමාගම 322
- සොෆ්ට් ලොජික් කැපිටල් රුපියල් මිලියන 198
- නවලෝක රෝහල රුපියල් මිලියන 138
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් කොටස් මිලියන 13
- සොෆ්ට් ලොජික් කැපිටල් කොටස් මිලියන 12
- සිට්‍රස් හික්කඩුව කොටස් මිලියන 09
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ක්‍රිස් වර්ල්ඩ් සමාගම 13%
- නවලෝක රෝහල 08%
- එක්ස් ටර්මිනේටර්ස් සමාගම 07%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 355
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 345
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 333
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 60ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 56ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 04ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළට ඇතුල් වී ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- පික්මී සමාගම රුපියල් මිලියන 47
- ලංකා අයි ඕ සී රුපියල් මිලියන 02
- සොෆ්ට් ලොජික් කැපිටල් රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- සිලෝන් ලෑන්ඩ් රුපියල් මිලියන 13
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 10
- මෙල්ස්ටා ක්‍රොප් සමාගම රුපියල් මිලියන 09
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


