27.8 C
Galle

ලංකා දුම්කොළ සමාගමේ කොටස් මිලියන 1.3ක් දේශීය ආයෝජකයන් මිලදී ගනී

Published:

කොටස් වෙළඳපළ අද (04) දින, විදේශීය ආයෝජකයන් හිමිකාරීත්වය දරන ලද ලංකා දුම්කොළ සමාගමේ කොටස් මිලියන 1.34ක් රුපියල් 1780ක් බැගින් දේශීය ආයෝජකයන් විසින් මිලදී ගෙන තිබේ. එම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 2387කි.

අද දින ගනුදෙනු 25,663ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,807ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක145ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,695ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා දුම්කොල සමාගම සමාගම සමාගම 2391
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 481
  • ආසිරි සමාගම රුපියල් මිලියන 195

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස් එම් බී ලීසින් කොටස් මිලියන 12
  • ජනශක්ති කොටස් මිලියන 06
  • ආසිරි සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස් එම් බී ලීසින් එක්ස් සමාගම 50%
  • එච් බී එෆ් සී බැංකුව 16%
  • හරිස්චන්ද්‍ර සමාගම 16%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 361
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 345
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 337

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 08ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 2462ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 2454ක මුදලක් කොටස් වෙළෙඳ පොළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • එල් සී බී සමාගම රුපියල් මිලියන 01
  • එල් ඕ එල් සී ෆයිනෑන්ස් සමාගම රුපියල් මිලියන 01
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ලාෆ්ස් ගෑස් සමාගම රුපියල් මිලියන 37
  • ජෝන් කීල්ස් රුපියල් මිලියන 10

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!