26.6 C
Galle

අද කොටස් වෙළඳපල

Published:

අද (05) කොටස් වෙළඳපල ගනුදෙනු 24,076ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,152ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක110ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,584ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • පික්මී සමාගම මිලියන 166
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 133
  • ඒ සී එල් කේබල්ස් රුපියල් මිලියන 110

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සිට්‍රස් ලෙෂර් කොටස් මිලියන 21
  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් කොටස් මිලියන 12
  • එස් එම් බී ලීසින් කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මර්චන්ට් බැංකුව 10%
  • යූනියන් කෙමිකල් 07%
  • ජනශක්ති ෆයිනෑන්ස් සමාගම 05%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 359
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 344
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 337

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 65ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 107ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 42ක මුදලක් කොටස් වෙළෙඳ පොළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • ඒ සී එල් කේබල්ස් සමාගම රුපියල් මිලියන 35
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 19
  • එන් ඩී බී බැංකුව සමාගම රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 45
  • සී ටී හෝල්ඩින්ස් රුපියල් මිලියන 16
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 11

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!