30.5 C
Galle

ජන ශක්ති මූලික කොටස් නිකුතුව හෙට දින ගනුදෙනු ආරම්භ කරයි

Published:

පසුගිය සතියේ මූලික කොටස් නිකුතුවක් ලෙස කොටස් මිලියන 2300ක් නිකුත් කළ ජනශක්ති රක්ෂණ සමාගම හෙට (29) කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ආරම්භ කිරීමට නියමිතව ඇත. මෙම කොටස් නිකුතුව සඳහා නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය මෙන් තුන් ගුණයක අධි ඉල්ලුමක් කොටස් වෙළඳපළ ආයෝජකයන් අතර පැවතිණි.

කොටස් වෙළඳ පොළ අද (28) දින ගනුදෙනු 24,510ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,096ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 07ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,620ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම 611
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 241
  • ප්‍රයිම් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 145

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 29
  • ඇලුමැක්ස් කොටස් මිලියන 07
  • යූ බී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 25%
  • රම්බොඩ ෆෝල්ස් සමාගම 07%
  • රීසස් එනර්ජි සමාගම 07%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 362
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 346
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 339

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 205ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 244ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 39ක මුදලක් කොටස් වෙළෙඳ පොළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • සියරා කේබල්ස් සමාගම රුපියල් මිලියන 72
  • ඒ සී එල් කේබල්ස් සමාගම රුපියල් මිලියන 42
  • ලංකා මිල්ක් ෆුඩ්ස් රුපියල් මිලියන 20

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් රුපියල් මිලියන 203
  • එයිට්කන් ස්පෙන්ස් රුපියල් මිලියන 06
  • ලංකා දුම්කොළ සමාගම රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!