කොටස් වෙළඳපළ අද (30) දින ගනුදෙනු 28,870ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,441ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 85ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,549ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම සමාගම 583
- ජනශක්ති සමාගම රුපියල් මිලියන 349
- ඇක්සස් සමාගම රුපියල් මිලියන 209
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් කොටස් මිලියන 28
- ජනශක්ති කොටස් මිලියන 26
- කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 14
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 25%
- සෙරන්ඩිබ් ලෑන්ඩ් 18%
- හොරණ වැවිලි සමාගම 08%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 361
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 344
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 338
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 270ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 375ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 75ක මුදලක් කොටස් වෙළෙඳ පොළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- ඇල්පිටිය වැවිලි සමාගම රුපියල් මිලියන 121
- ලංකා අයි ඕ සී සමාගම රුපියල් මිලියන 39
- සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 09
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඇක්සස් සමාගම රුපියල් මිලියන 150
- ජෝන් කීල්ස් රුපියල් මිලියන 78
- සෙලින්කෝ ඉන්ශුවරන්ස් රුපියල් මිලියන 06
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


