කොටස් වෙළෙඳ පොළ අද (27) දින ගනුදෙනු අතර තුරදී විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 436ක කොටස් මිලදී ගත් අතර මිලියන 184ක කොටස් විදුණන ලදී. ඒ අනුව ශුද්ධ ලෙස විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 242ක කොටස් මිලදීගෙන තිබේ.
කොටස් වෙළඳ පොළ අද දින ගනුදෙනු 27,821ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,972ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 44ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,612ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- කලම්බු ලෑන්ඩ් සමාගම 243
- මහරාජා ෆුඩ් රුපියල් මිලියන 195
- විදු ලංකා සමාගම රුපියල් මිලියන 123
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- යූ බී ෆිනෑන්ස් කොටස් මිලියන 16
- මහරාජා ෆුඩ් කොටස් මිලියන 12
- කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 12
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- මහරාජා ෆුඩ් සමාගම 15%
- ඔප්ටිමම් ෆන්ඩ් සමාගම 09%
- ඊස්ටන් මර්චන්ට් සමාගම 09%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 359
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 342
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 337
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 436ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 194ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 242ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළට ඇතුල් වී ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- කළම්බු ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 153
- විදු ලංකා සමාගම රුපියල් මිලියන 108
- ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 31
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- සියරා කේබල්ස් රුපියල් මිලියන 40
- ලංකා මිල්ක් ෆුඩ්ස් රුපියල් මිලියන 26
- කොටගල වැවිලි සමාගම රුපියල් මිලියන 09
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


