දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක රැසකට අද (03) පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරුවේ මෙලෙස තැනින් තැන වැසි ඇති විය හැකිය. විශේෂයෙන් සබරගමුව පළාතේත් කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ.
මීට අමතරව දකුණු පළාතේත්, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව දන්වා ඇත.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.


