30 C
Galle

ප්‍රදේශ රැසකට අදත් පස්වරුවේ වැසි, ඇතැම් තැන්වලට තද වැසි සහ තද සුළං

Published:

දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක රැසකට අද (04) දිනයේ පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මෙලෙස වැසි ඇති විය හැකිය. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ. මීට අමතරව බස්නාහිර පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව දන්වා ඇත.

සුළං තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී, උතුරු සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර් 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව වාර්තා වේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Related articles

error: Content is protected !!