හෙට (06) සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අන්තර් නිවර්තන අභිසාරී කලාපය (Intertropical Convergence Zone) දිවයිනේ කාලගුණයට බලපෑම් කිරීම හේතුවෙන් මේ තත්ත්වය ඇතිවන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (05) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් අහස වලාකුළින් බරව පවතින අතර එම ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව වාර්තා වේ.
තද වැසි සහ සුළං
බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.
මීට අමතරව, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව දන්වා ඇත. මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.ෙ
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
පසු සටහන – අකුණු සහ විදුලි කෙටීම් සම්බන්දව ඔබ දැනගතයුතු සියල්ල සහ අකුණු විදුලි කෙටීම් වලින් ආරක්ෂා වන ආකාරය සම්බන්දව අප විසින් සම්පාදනය කළ ලිපිය කියවන්න – “හෙන ගහපන්“ කිව්වට හෙන ගහන හැටි දන්නවද?– https://rata.lk/49363/
Rata.lk මගින් කාලගුණ අනතුරු ඇඟවීම් නිරන්තරයෙන් යාවත්කාලීන කරනු ලැබේ. කරුණාකර අපගේ නිල වෙබ් අඩවිය, Facebook හා Instagram ඔස්සේ සම්බන්ධව සිටින්න. ඔබගේ ආරක්ෂාව අපගේ වගකීමයි.
“අදම ඉගන ගන්න, හෙට ආරක්ෂා වන්න“


