ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ වැසි තත්ත්වයේ කැපී පෙනෙන වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අන්තර් නිර්වර්තන අභිසාරී කලාපයේ (ITCZ) බලපෑම සහ දිවයින ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (06) සිට මෙම තත්ත්වය ඇතිවිය හැකි බව ඔවුහු වැඩිදුරටත් පවසති.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. විශේෂයෙන් සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. මීට අමතරව, දකුණු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අලුයම් කාලයේදී මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බැවින් රියදුරන් ඒ පිළිබඳව විමසිලිමත් විය යුතුය.
එසේම, ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
පසු සටහන – අකුණු සහ විදුලි කෙටීම් සම්බන්දව ඔබ දැනගතයුතු සියල්ල සහ අකුණු විදුලි කෙටීම් වලින් ආරක්ෂා වන ආකාරය සම්බන්දව අප විසින් සම්පාදනය කළ ලිපිය කියවන්න – “හෙන ගහපන්“ කිව්වට හෙන ගහන හැටි දන්නවද?– https://rata.lk/49363/
Rata.lk මගින් කාලගුණ අනතුරු ඇඟවීම් නිරන්තරයෙන් යාවත්කාලීන කරනු ලැබේ. කරුණාකර අපගේ නිල වෙබ් අඩවිය, Facebook හා Instagram ඔස්සේ සම්බන්ධව සිටින්න. ඔබගේ ආරක්ෂාව අපගේ වගකීමයි.
“අදම ඉගන ගන්න, හෙට ආරක්ෂා වන්න“


