28.3 C
Galle

පරිගණක අපරාධ වලට සම්බන්ධ චීන ජාතිකයින් 37ක් අල්ලයි

Published:

පරිගණක අපරාධ පනත යටතේ ගැනෙන වැරදි සිදුකිරීමේ සැක මත චීන ජාතික පිරිමි පුද්ගලයන් 36 දෙනෙකු සහ එක් කාන්තාවක තලංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් සහ තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව ඊ‍යේ (02) සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 ත් 44 ත් අතර වයස්වල පසුවන චීන ජාතිකයින් බව පොලිසිය තහවුරු කරයි.

සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පිරිසෙන් දෙදෙනෙකුට මෙරට රැඳී සිටීම සඳහා වලංගු වීසා බලපත්‍ර නොමැති බවයි. මීට අමතරව එක් සැකකරුවෙකු සතුව විදේශ ගමන් බලපත්‍රයක් ද තිබී නොමැති බව පොලිසිය පවසයි.

වැටලීමේදී එක් සැකකරුවෙකු සන්තකයේ තිබී නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද දුම්වැටි 2,100 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් රැඳී සිටි ගොඩනැගිල්ල ඉදිරි විමර්ශන කටයුතු සඳහා මේ වන විට මුද්‍රා තබා ඇති අතර එය පොලිස් ආරක්ෂාව යටතේ පවතින බව ද සඳහන් වේ.

සැකකරුවන් සම්බන්ධයෙන් තලංගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

Related articles

error: Content is protected !!