26.4 C
Galle

විදේශීය ආයෝජකයන් වැඩි වැඩියෙන් කොටස් මිලදී ගනී

Published:

අද දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 143ක කොටස් මිලදී ගත් අතර විදේශීය ආයෝජකයන්ගේ කොටස් විකිණීමේ වටිනාකම මිලියන 81කි. ඒ අනුව අද දිනයේ පමණක් විදේශීය ආයෝජකයන් විසින් ශුද්ධ ලෙස රුපියල් මිලියන 62ක මුදලක් කොළඹ කොටස් වෙළඳපල තුළ ආයෝජනය කර තිබේ.

අද කොටස් වෙළඳපල ගනුදෙනු 34,103ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,131ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක155ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,739ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සිට්රස් ලෙෂර් සමාගම මිලියන 415
  • ජනශක්ති සමාගම රුපියල් මිලියන 370
  • හැට්න් ප්ලාන්ටේෂන් සමාගම රුපියල් මිලියන 265

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් කොටස් මිලියන 125
  • සිට්රස් ලෙෂර් කොටස් මිලියන 83
  • ජනශක්ති සමාගම කොටස් මිලියන 26

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඔනලි හෝල්ඩිංස් 22%
  • සිට්රස් ලෙෂර් 15%
  • ලී හෙජස් සමාගම 14%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 362
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 344
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 338

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 143ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 81ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 62ක මුදලක් කොටස් වෙළෙඳ පොළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව එක්ස් රුපියල් මිලියන 87
  • ජනශක්ති සමාගම රුපියල් මිලියන 46
  • ලංකා අයි ඕ සී සමාගම රුපියල් මිලියන 04

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ලාෆ්ස් ගෑස් සමාගම රුපියල් මිලියන 26
  • එලිෆන්ට් හවුස් රුපියල් මිලියන 11
  • සෙලින්කෝ රක්ෂණ සමාගම එක්ස් රුපියල් මිලියන 11

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!