28 C
Galle

සී අයි සී සමාගමේ කොටස් විදේශීය ආයෝජකයන් වැඩියෙන් මිලදී ගනී

Published:

අද (07) දින කොටස් වෙළඳපල ගනුදෙනු අතර තුර විදේශීය ආයෝජකයන් විසින් සී අයි සී සමාගමේ කොටස් වැඩියෙන් මිලදී ගන්නා ලදී. ඒ අනුව සමස්ථ දිනයේ ගනුදෙනු අවසානයේ විදේශ ආයෝජකයන් විසින් සී අයි සී සමාගමේ රුපියල් මිලියන 224ක කොටස් මිලදී ගෙන ඇත.

කොටස් වෙළඳපල ගනුදෙනු 40,238ක් සිදුකරමින් අද සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,280ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 258ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,997ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සී අයි සී සමාගම මිලියන 984
  • ඕවසීස් රියලිටි රුපියල් මිලියන 235
  • ලංකා මිල්ක් ෆුඩ්ස් මිලියන 179

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් කොටස් මිලියන 179
  • එස් එම් බී ලීසින් කොටස් මිලියන 109
  • සී අයි සී සමාගම කොටස් මිලියන 30

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ආර් 200%
  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් 40%
  • එල් වී එල් එනර්ජි ආර් සමාගම 33%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 368
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 345
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 337

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 247ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 269ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 22ක මුදලක් කොටස් වෙළෙඳ පොළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • සී අයි සී සමාගම රුපියල් මිලියන 224
  • සී ඩී බී බැංකුව රුපියල් මිලියන 07
  • කේබල් සොලූෂන් සමාගම රුපියල් මිලියන 03

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 96
  • ජෝන් කීල්ස් රුපියල් මිලියන 58
  • සී ටී හෝල්ඩිංස් රුපියල් මිලියන 22

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!