26.6 C
Galle

විදේශීය ආයෝජකයන් වැඩියෙන් කොටස් මිලදී ගනී

Published:

අද (08) දින කොටස් වෙළඳපල ගනුදෙනු අතර තුර විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 128ක කොටස් මිලදී ගත් අතර රුපියල් මිලියන 102ක කොටස් විකුණන ලදී. ඒ අනුව සමස්ථයක් ලෙස අද දිනය තුළ විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 26ක මුදලක් කොළඹ කොටස් වෙළඳපල තුළට ආයෝජනය කර තිබේ. ඒ අතරින් වැඩිම මුදලක් ආයෝජනය කර ඇත්තේ හැටන් නැෂනල් බැංකුවේ කොටස් මිලදී ගැනීමට වේ.

කොටස් වෙළඳපල ගනුදෙනු 32,101ක් සිදුකරමින් අද සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,094ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 66ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,063ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කොළඹ ඩොක්යාඩ් සමාගම මිලියන 573
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 337
  • සර්වෝදය සමාගම මිලියන 194

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් කොටස් මිලියන 99
  • එස් එම් බී ලීසින් කොටස් මිලියන 65
  • සිට්‍රස් ලෙෂර් සමාගම කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • අමානා තකාෆුල් ආර් 42%
  • මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ආර් 33%
  • ඒෂියා ඇසෙට් පී සමාගම 21%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 364
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 346
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 339

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 128ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 102ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 26ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළට ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 31
  • ඒ සී එල් කේබල්ස් සමාගම රුපියල් මිලියන 25
  • ලංකා මිලික් ෆුඩ්ස් සමාගම රුපියල් මිලියන 10

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 25
  • ටෝකියෝ සිමෙන්ට් එක්ස් රුපියල් මිලියන 09
  • සෙලින්කෝ රක්ෂණ එක්ස් රුපියල් මිලියන 06

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!