28.3 C
Galle

විදේශීය ආයෝජකයන් සෙලාන් බැංකුවේ කොටස් වැඩියෙන් මිලදී ගනී

Published:

අද (11) දින කොටස් වෙළඳපල ගනුදෙනු අතර තුර එන් ඩී බී බැංකුව සතුව තිබූ සෙලාන් බැංකුවේ 8.72% ක කොටස් විකුණා ඇති අතර එකී ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 2776ක් වෙයි. එම කොටස් අතරින් රුපියල් මිලියන 624ක සෙලාන් බැංකුවේ කොටස් විදේශීය ආයෝජකයන් විසින් මිලදී ගෙන ඇත.

කොටස් වෙළඳපල ගනුදෙනු 28,567ක් සිදුකරමින් අද සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,929ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 52ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,011ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සෙලාන් බැංකුව මිලියන 2776
  • පික්මී සමාගම රුපියල් මිලියන 173
  • සිලෝන් ලෑන්ඩ් සමාගම මිලියන 170

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් කොටස් මිලියන 49
  • සෙලාන් බැංකුව කොටස් මිලියන 26
  • හෙල ඇපරල් සමාගම කොටස් මිලියන 16

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ආර් 50%
  • යෝර්ක් ආර්කේඩ් සමාගම 18%
  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 16%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 364
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 343
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 340

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 661ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 64ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 597ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළට ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • සෙලාන් බැංකුව රුපියල් මිලියන 624
  • පික්මී සමාගම රුපියල් මිලියන 33
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 35
  • සෙලින්කෝ ඉංෂුවරන්ස් එක්ස් රුපියල් මිලියන 17
  • එච් සෙනික් සමාගම රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!