අද (12) දින කොටස් වෙළඳපල ගනුදෙනු 31,067ක් සිදුකරමින් අද සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,668ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 03ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,015ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- පික්මී සමාගම මිලියන 484
- ලී හෙජස් සමාගම රුපියල් මිලියන 185
- ඇක්සස් ඉංජිනියරින් සමාගම මිලියන 143
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් කොටස් මිලියන 26
- හෙළ ඇපරල් කොටස් මිලියන 15
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 07
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ආර් 50%
- පැරගන් සමාගම 17%
- යෝර්ක් ආකේඩ් සමාගම 12%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 364
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 343
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 340
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 191ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 552ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 361ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- රිල් ප්‍රොපටි රුපියල් මිලියන 89
- ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම රුපියල් මිලියන 30
- රෝයල් සෙරමික්ස් සමාගම රුපියල් මිලියන 12
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- පික්මී සමාගම රුපියල් මිලියන 330
- ඇක්සස් ඉංජිනියරින් රුපියල් මිලියන 107
- මෙල්ස්ටා ක්‍රොප් සමාගම රුපියල් මිලියන 28
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


