අද (13) දින කොටස් වෙළඳපල ගනුදෙනු 28,495ක් සිදුකරමින් අද සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,824ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 95ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,920ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම මිලියන 266
- එල් ඕ එල් සී සමාගම රුපියල් මිලියන 193
- ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම මිලියන 189
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස් එම් බී ලීසින් කොටස් මිලියන 20
- එස් එම් බී ලීසින් එක්ස් කොටස් මිලියන 15
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 12
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ආර් 44%
- ජෙස්ටෙට්නර් සමාගම 17%
- එස් එම් බී ලීසින් සමාගම 11%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 362
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 343
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 342
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 216ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 346ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 30ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- ලංකා මිල්ක් ෆුඩ්ස් රුපියල් මිලියන 108
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 70
- සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 13
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 184
- ජනශක්ති රක්ෂණ සමාගම රුපියල් මිලියන 12
- ලංකා දුම්කොල සමාගම රුපියල් මිලියන 07
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


