අද (14) දින කොටස් වෙළඳපල ගනුදෙනු 26,516ක් සිදුකරමින් අද සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,616ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 20ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,899ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- රේණුක හෝල්ඩිංස් සමාගම මිලියන 284
- ඒ සී එල් කේබල්ස් සමාගම රුපියල් මිලියන 218
- ජෝන් කීල්ස් සමාගම මිලියන 142
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් කොටස් මිලියන 59
- එස් එම් බී ලීසින් කොටස් මිලියන 15
- එල් වී එල් එනර්ජි ආර් සමාගම කොටස් මිලියන 10
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- කර්නර් හෝස් 24%
- සෙරන්ඩිබ් ලෑන්ඩ් සමාගම 24%
- රේඩියන් ජෙම් සමාගම 16%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 366
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 343
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 342
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 32ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 147ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 116ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- ඒ සී එල් කේබල්ස් රුපියල් මිලියන 04
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 72
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 20
- ලංකා දුම්කොල සමාගම රුපියල් මිලියන 09
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


