අද (15) දින කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ වටිනාම සමගම් අතරින් රුපියල් බිලියන 366ක් වාර්ථා කළ ජෝන් කීල්ස් සමාගම වටිනාම සමාගම ලෙසද රුපියල් බිලියන345ක් වාර්ථා කළ ඩයලොග් ආසියාටා සමාගම වටිනාම සම්ගම් අතරින් දෙවන ස්ථානයට ද පත්විය.
කොටස් වෙළඳපල ගනුදෙනු 24,242ක් සිදුකරමින් අද සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,449ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 06ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,905ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම මිලියන 458
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 368
- හේමාස් සමාගම මිලියන 359
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් කොටස් මිලියන 22
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් කොටස් මිලියන 14
- හේමාස් හෝල්ඩිංස් සමාගම කොටස් මිලියන 10
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සෙරන්ඩිබ් ලෑන්ඩ් 24%
- යූනියන් කෙමිකල්ස් සමාගම 23%
- හන්ටර් සමාගම 17%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 366
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 345
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 344
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 106ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 777ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 671ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- ලංකා අයි ඕ සී සමාගම රුපියල් මිලියන 04
- ඇලුමැක්ස් සමාගම රුපියල් මිලියන 02
- එච් එන් බී ඇෂුවරන්ස් රුපියල් මිලියන 02
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 388
- හේමාස් සමාගම රුපියල් මිලියන 258
- සෙලාන් බැංකුව රුපියල් මිලියන 17
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



