29 C
Galle

ලංකා දුම්කොල සමාගම කොටස් වෙළඳපල දෙවන ස්ථානයට පත්වේ

Published:

අද (18) දින කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ රුපියල් බිලියන 342ක කොටස් වටිනාකමක් වාර්ථා කරමින් ලංකා දුම්කොල සමාගම කොටස් වෙළඳපල සමාගම් අතර දෙවන ස්ථානයට පත්විය.

කොටස් වෙළඳපල ගනුදෙනු 49,733ක් සිදුකරමින් අද සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,886ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 592ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,313ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම මිලියන 349
  • ඒ සී එල් කේබල්ස් රුපියල් මිලියන 280
  • හේමාස් සමාගම මිලියන 252

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස් එම් බී ලීසින් එක්ස් කොටස් මිලියන 28
  • ජෝන් කිල්ස් සමාගම කොටස් මිලියන 17
  • එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 12

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සෙරන්ඩිබ් ලෑන්ඩ් 12%
  • කැලී ඔප්ටිමම් ෆන්ඩ් සමාගම 04%
  • කොමර්ෂල් ඩිවලොප්මන්ට් සමාගම 04%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 359
  • සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 342
  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 339

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 62ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 176ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 114ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 24
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 09
  • අම්බන් කැපිටල් රුපියල් මිලියන 08

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 60
  • ප්‍රයිම් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 21
  • මෙල්ස්ටා ක්‍රොප් රුපියල් මිලියන 19

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!