29 C
Galle

ඩයලොග් සමාගම කොටස් වෙළඳපොල වටිනාම සමාගම් අතර දෙවන ස්ථානයට පත්වේ

Published:

අද (19) දින කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සමස්ථ කොටස් මිල වටිනාකම රුපියල් බිලියන 344ක් වාර්ථා කරමින් ඩයලොග් ආසියාටා සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම් අතර දෙවන ස්ථානයට පත්විය.

කොටස් වෙළඳපල ගනුදෙනු 25,599ක් සිදුකරමින් අද සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,323ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 15ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,298ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හේමාස් සමාගම මිලියන 247
  • ඇක්සස් ඉංජිනියරින් රුපියල් මිලියන 112
  • පික්මී සමාගම මිලියන 111

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස් එම් බී ලීසින් එක්ස් කොටස් මිලියන 13
  • හේමාස් සමාගම කොටස් මිලියන 07
  • සිට්‍රස් වස්කඩුව කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කලම්බු සිටි සමාගම 14%
  • රේනුක හොටෙල් සමාගම 09%
  • කර්න්එ හෝස් සමාගම 07%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 359
  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 344
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 342

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 88ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 38ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 50ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • ඇක්සස් ඉංජිනියරින් සමාගම රුපියල් මිලියන 45
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 13
  • ලංකා මිල්ක් ෆුඩ්ස් රුපියල් මිලියන 09

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජනශක්ති සමාගම රුපියල් මිලියන 14
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 05
  • එයිට්කන් ස්පෙන්ස් රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!