අද (20) දින කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සමස්ථ කොටස් මිල දර්ශකයන් පහල බැසීමක් පෙන්නුම් කළද සමස්ථයක් ලෙස විදේශීය ආයෝජකයන් විකිණීම අභිබවා කොටස් මිලදී ගැනීමට නැඹුරු වී ඇත. සියලු ගනුදෙනු අවසානයේ ශුද්ධ ලෙස විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 39ක මුදලක් අලුතින් ආයෝජනය කර ඇත.
කොටස් වෙළඳපල ගනුදෙනු 41,458ක් සිදුකරමින් අද සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,803ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 509ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,789ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම මිලියන 734
- හේලීස් රුපියල් මිලියන 191
- ඇක්සස් සමාගම මිලියන 124
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් කොටස් මිලියන 36
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 32
- සොෆ්ට් ලොජික් කැපිටල් කොටස් මිලියන 09
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- යූනියන් කෙමිස්ට් සමාගම 07%
- රිචඩ් පීරිස් එක්ස්පෝට් සමාගම 06%
- කැන්ඩි හොටෙල් සමාගම 03%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 350
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 341
- ඩයලොග් ආසියාටා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 338
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 77ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 39ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 39ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 38
- සී ඩී බී සමාගම රුපියල් මිලියන 10
- ලංකා මිල්ක් ෆුඩ්ස් රුපියල් මිලියන 08
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 09
- හේමාස් රුපියල් මිලියන 09
- සිලෝන් ටුබැකෝ රුපියල් මිලියන 05
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



