අද (22) දින කොටස් වෙළඳපල ගනුදෙනු 21,466ක් සිදුකරමින් අද සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,175ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 95ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,929ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම මිලියන 375
- හේලීස් ෆැබ්රික් සමාගම රුපියල් මිලියන 130
- සී අයි සී සමාගම මිලියන 95
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් කොටස් මිලියන 18
- හෙල ඇපරල් සමාගම කොටස් මිලියන 06
- හේලීස් එම් ජී ටී සමාගම කොටස් මිලියන 04
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස් එම් බී ලීසින් එක්ස් සමාගම 50%
- ඊ චැනලින් සමාගම 10%
- මයි ලෑන්ඩ් සමාගම 09%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 354
- ඩයලොග් ආසියාටා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 343
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 342
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන ෙ55ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 67ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 12ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කර ගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- එලිෆන්ටි හවුස් සමාගම රුපියල් මිලියන 30
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 08
- ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 07
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 24
- ජෝන් කීල්ස් සමාගම එක්ස් මිලියන 17
- සෙලින්කෝ රක්ෂණ සමාගම එක්ස් රුපියල් මිලියන 15
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



