අද (25) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සමස්ථ කොටස් මිල වටිනාකම රුපියල් බිලියන 367ක් වාර්තා කරමින් ඩයලොග් ආසියාටා සමාගම කොටස් වෙළඳපල තුළ වටිනාම සමාගම බවට පත්විය. මෙතෙක් කොටස් වෙළඳපල වටිනාම සමාගම ලෙස වාර්තා වූ ජෝන් කීල්ස් සමාගම සමස්ථ කොටස් වටිනාකම රුපියල් බිලියන 359ක් ලෙස වාර්ථා කරමින් දෙවන ස්ථානයට පත්විය.
අද දින කොටස් වෙළඳපල ගනුදෙනු 26,978ක් සිදුකරමින් අද සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,426ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 435ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,364ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ටෙක්ස්ටර්ස් ජර්සි සමාගම මිලියන 159
- එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 123
- සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම මිලියන 111
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස් එම් බී ලීසින් කොටස් මිලියන 15
- ඇක්මී සමාගම කොටස් මිලියන 06
- ටෙක්ස්ටර්ස් ජර්සි සමාගම කොටස් මිලියන 05
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ක්‍රිස් වර්ල්ඩ් සමාගම 24%
- පැරගන් සමාගම 17%
- බන්සෙයි රිසෝට් සමාගම 14%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 367
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 3359
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 342
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 27ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 51ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 24ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කර ගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- පීපල්ස් ලීසින් සමාගම රුපියල් මිලියන 08
- ජෝන් කීල්ස් බැංකුව රුපියල් මිලියන 06
- හැටන් නැෂනල් බැංකුව එක්ස් රුපියල් මිලියන 03
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 20
- සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම එක්ස් මිලියන 19
- ලංකා අයි ඕ සී සමාගම එක්ස් රුපියල් මිලියන 04
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



