අද (27) කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ වටිනාම සමාගම ලෙස කොටස් වටිනාකම රුපියල් බිලියන 382ක් වාර්තා කරමින් ඩයලොග් ආසියාටා සමාගම ප්‍රථම ස්ථානයටත් රුපියල් බිලියන 355ක් වාර්තා කළ ජෝන් කීල්ස් සමාගම දෙවන ස්ථානයටත් පත්විය.
අද කොටස් වෙළඳපල ගනුදෙනු 19,435ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,864ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 24ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,199ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සී අයි සී සමාගම මිලියන 188
- බයිරහා ෆාම් රුපියල් මිලියන 130
- සොෆ්ට් ලොජික් ලයිෆ් මිලියන 126
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සී අයි සී සමාගම කොටස් මිලියන 5.7
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 5.2
- විදු ලංකා සමාගම කොටස් මිලියන 3.2
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ක්‍රිස් වර්ල්ඩ් සමාගම 11%
- රේණුක සිටි හොටෙල් සමාගම 08%
- සිංහ හොස්පිට්ල් සමාගම 07%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 382
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 355
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 342
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 80ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 79ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 01ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- විදු ලංකා සමාගම රුපියල් මිලියන 75
- හැටන් නැෂනල් බැංකුව ඒක්ස් රුපියල් මිලියන 02
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 68
- සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 04
- සෙලින්කෝ ඉන්ෂුවරන්ස් එක්ස් සමාගම එක්ස් මිලියන 03
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



