27 C
Galle

අද කොටස් වෙළඳපල ඉහලට

Published:

අද (29) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 24,759ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 7,375ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 111ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,310ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එච් එන් බී ෆයිනෑන්ස් සමාගම මිලියන 3681
  • සොෆ්ට් ලොජික් ලයිෆ් රුපියල් මිලියන 1089
  • හැටන් නැෂනල් බැංකුව මිලියන 373

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එච් එන් බී ෆයිනෑන්ස් සමාගම කොටස් මිලියන 416
  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 19
  • සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම කොටස් මිලියන 11

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 20%
  • සතොස මෝටර්ස් සමාගම 14%
  • ඉන්ෂුවර් මී සමාගම 11%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 391
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 357
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 342

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 575ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 1798ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 1222ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • එච් එන් බී ෆයිනෑන්ස් සමාගම රුපියල් මිලියන 397
  • කොමර්ෂල් බැංකුව ඒක්ස් රුපියල් මිලියන 94
  • එච් එන් බී ෆයිනෑන්ස් එක්ස් රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සො‌ෆ්ට් ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 1027
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 354
  • සම්පත් බැංකුව මිලියන 105

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!