කලාවැව සහ විජිතපුර අවට ප්‍රදේශවලට ඊයේ (27) පස්වරුවේ ඇදහැළුණු වර්ෂාවත් සමඟ එල්ල වූ ප්‍රබල අකුණු සැර වැදීමකින් ගොවීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉපලෝගම පොලිසිය පවසයි.
මෙලෙස අකුණු ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ විජිතපුර, කනක්කන්මඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි ජෙමාල්දීන් බදූර්දීන් සහ විජිතපුර, පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි තෙන්නකෝන් මුදියන්සේලාගේ ජැක්සන් සේනාරත්න තෙන්නකෝන් යන දෙදෙනාය.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඔවුන් කනක්කම්මඩුව සහ පුලියන්කුලම ප්‍රදේශවල පිහිටි සිය වගා බිම්වල බිම් සැකසීමේ කටයුතුවල නිරතව සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී ඇති බවයි. මියගිය බදූර්දීන් මහතාගේ සිරුර ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, ජැක්සන් සේනාරත්න මහතාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කලාවැව රෝහලේ තැන්පත් කර තිබේ.
අකුණු සැර වැදීමෙන් සිදු වූ මෙම හදිසි මරණ දෙක සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
පසු සටහන – Rata.lk මගින් කාලගුණ අනතුරු ඇඟවීම් නිරන්තරයෙන් යාවත්කාලීන කරනු ලැබේ. කරුණාකර අපගේ නිල වෙබ් අඩවිය, Facebook හා Twitter ඔස්සේ සම්බන්ධව සිටින්න. ඔබගේ ආරක්ෂාව අපගේ වගකීමයි.
අකුණු සහ විදුලි කෙටීම් සම්බන්දව ඔබ දැනගතයුතු සියල්ල සහ අකුණු විදුලි කෙටීම් වලින් ආරක්ෂා වන ආකාරය සම්බන්දව අප විසින් සම්පාදනය කළ ලිපිය කියවන්න – “හෙන ගහපන්“ කිව්වට හෙන ගහන හැටි දන්නවද?– https://rata.lk/49363/
“අදම ඉගන ගන්න, හෙට ආරක්ෂා වන්න“


