හබරාදුව, කොක්වත්ත ප්‍රදේශයේ නිවසකට අකුණු සැර වැදීමෙන් කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සේවය කළ ඇඟලුම් සේවිකාවක මියගොස් තවත් සේවිකාවක බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබේ.
අද (03) අලුයම 12.30ට පමණ ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ ඔවුන් නේවාසිකව රැඳී සිටි නිවසට මෙම අකුණු පහර වැදී ඇති බව හබරාදුව පොලිසිය පවසයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ ඉමාෂා මධුභාෂිනි හිතවංශ නැමති 26 හැවිරිදි තරුණියකි. අකුණු සැර වැදීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ අනෙක් සේවිකාව මේ වන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් 1990 සුවසැරිය ගිලන් රථ සේවය මගින් මොවුන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත්, එක් සේවිකාවක රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
පසු සටහන – අකුණු සහ විදුලි කෙටීම් සම්බන්දව ඔබ දැනගතයුතු සියල්ල සහ අකුණු විදුලි කෙටීම් වලින් ආරක්ෂා වන ආකාරය සම්බන්දව අප විසින් සම්පාදනය කළ ලිපිය කියවන්න – “හෙන ගහපන්“ කිව්වට හෙන ගහන හැටි දන්නවද?– https://rata.lk/49363/
Rata.lk මගින් කාලගුණ අනතුරු ඇඟවීම් නිරන්තරයෙන් යාවත්කාලීන කරනු ලැබේ. කරුණාකර අපගේ නිල වෙබ් අඩවිය, Facebook හා Instagram ඔස්සේ සම්බන්ධව සිටින්න. ඔබගේ ආරක්ෂාව අපගේ වගකීමයි.
“අදම ඉගන ගන්න, හෙට ආරක්ෂා වන්න“


