28.3 C
Galle

ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු, පරෙස්සම් වන්නැයි කාලගුණයෙන් අවවාද

Published:

දිවයිනේ පළාත් කිහිපයකට අද (02) පස්වරුවේ සිට ප්‍රබල අකුණු ඇති විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, අද පස්වරු 1.00න් පමණ පසුව පහත දැක්වෙන පළාත්වල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතී:

  • උතුරු පළාත
  • උතුරු-මැද පළාත
  • මධ්‍යම පළාත
  • සබරගමුව පළාත
  • නැගෙනහිර පළාත
  • ඌව පළාත

මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරුවේ වැසි ඇති විය හැකි බව දන්වා ඇත.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

පසු සටහන – Rata.lk මගින් කාලගුණ අනතුරු ඇඟවීම් නිරන්තරයෙන් යාවත්කාලීන කරනු ලැබේ. කරුණාකර අපගේ නිල වෙබ් අඩවිය, Facebook හා Twitter ඔස්සේ සම්බන්ධව සිටින්න. ඔබගේ ආරක්ෂාව අපගේ වගකීමයි.

අකුණු සහ විදුලි කෙටීම් සම්බන්දව ඔබ දැනගතයුතු සියල්ල සහ අකුණු විදුලි කෙටීම් වලින් ආරක්ෂා වන ආකාරය සම්බන්දව අප විසින් සම්පාදනය කළ ලිපිය කියවන්න – “හෙන ගහපන්“ කිව්වට හෙන ගහන හැටි දන්නවද?https://rata.lk/49363/

“අදම ඉගන ගන්න, හෙට ආරක්ෂා වන්න“

Related articles

error: Content is protected !!