28.6 C
Galle

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි

Published:

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව කාලගුණ තත්ත්වය මෙසේය,

  • තද වැසි ඇතිවිය හැකි ප්‍රදේශ: සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.
  • උදෑසන කාලය: දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
  • මීදුම් සහිත තත්ත්වය: මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!