31.1 C
Galle

අද පස්වරුවේ පළාත් කිහිපයකට වැසි

Published:

කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයක දැක්වෙන්නේ, අද (02) පස්වරු 1.00න් පමණ පසුව බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම පොලොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

දකුණු පළාතේ මෙන්ම කළුතර සහ කොළඹ දිස්ත්රික්කවල වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේ ද වැසි ඇති විය හැකි බවට ද එහි සඳහන් වේ.

මේ අතර, මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, අම්පාර සහ පොලොන්නරුව දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්රවේශම් වන ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related articles

error: Content is protected !!