ඉදිරි දින කිහිපය තුළ නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමඟ ගාල්ල ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක ගනනාවකට දැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවට කාළගුණ අංශ පුරෝකථනය කර තිබෙනවා. ඒ අනුව ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ගෙන ඇති පෙර සූදානම් පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් මහතා ඊයේ (09) මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාව දැනුවත් කළා. නායයෑම් සහ ගංවතුර අවදානම් ප්‍රදේශවල ජනතාව වැඩි අවධානයෙන් සිටිය යුතු බවත් හදිසි අවස්ථාවලදී නිල දැනුම්දීම් පිළිපදින ලෙසත් ඔහු ඉල්ලීමක් කළා.
https://www.facebook.com/share/v/1BH85f3bNs
පසු සටහන
අකුණු සහ විදුලි කෙටීම් සම්බන්දව ඔබ දැනගතයුතු සියල්ල සහ අකුණු විදුලි කෙටීම් වලින් ආරක්ෂා වන ආකාරය සම්බන්දව අප විසින් සම්පාදනය කළ ලිපිය කියවන්න – “හෙන ගහපන්“ කිව්වට හෙන ගහන හැටි දන්නවද?- https://rata.lk/49363/
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වීම සඳහා පෙර සූදානමක් වශයෙන් ගංවතුර පිරික්සුම් ලයිස්තුවක් සකස්කර ගන්න – https://rata.lk/48719/
හදිසි ආපදාවකින් ආරක්ෂා වීම සම්බන්දව අප සකස් කළ කෙටි වීඩියෝව නරඹන්න – https://www.facebook.com/reel/805629669257984
https://rata.lk/ මගින් කාලගුණ අනතුරු ඇඟවීම් නිරන්තරයෙන් යාවත්කාලීන කරනු ලැබේ. කරුණාකර අපගේ නිල වෙබ් අඩවිය, Facebook හා Instagram ඔස්සේ සම්බන්ධව සිටින්න. ඔබගේ ආරක්ෂාව අපගේ වගකීමයි.
“අදම ඉගන ගන්න, හෙට ආරක්ෂා වන්න“


